Sunday, December 6, 2015

The ravana series ශ්‍රී රාවණ වංශය විනාශ කළ නොහැක ‍රා‍වණා ‍වං‍ශ‍ය ‍අ‍ද‍ටත්‍ ‍ස‍වි‍මත්‍


කාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.
“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ”
ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී
ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී
වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ
1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.
2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.
3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.
4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.
5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.
6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.
7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.
8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.
9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.
මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.
යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.
නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.
රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය.
කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.
එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.

යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.
යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.
කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.
පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.
පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,
හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.
1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.
සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.
වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.
රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.
මානෑවේ විමලරතන හිමි

මහා භාරතය විස්තර කරන පෞරාණික න්‍යශ්ඨික යුද්ධ ‍

මහා භාරතය විස්තර කරන පෞරාණික න්‍යශ්ඨික යුද්ධ
UCM SULOCHANA
 " මීට වසර 50,000කට පෙරත් පෘථිවියේ මිනිසුන් අතර දරුණු පරමාණු යුද්ධයක් ඇතිවූ බවට නිදර්ශණ තිබේ. රාම රාවණ යුගය පෘථිවිය මත ඇතිවුනු අවසාන පරමාණු-ජලකර යුද්ධය විය හැකියි......"

" ඉන්දියාවේ හා ටිබෙට් රටේ වසර ගණනාවක් පර්යේෂණ කටයුතුවල නිරත වුනු ඩෙක් බැරින්ටන් බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ අතර ඔහු ටිබෙට් දේශයේ බෞද්ධ ලාමා හිමිවරුන්ගේ කුළුපග මිතුරෙකු විය. මේ හිතවත්කම නිසාම බෞද්ධ ලාමා හිමිවරුන් අතිපෞරාණික දැනුම ඔහු හා බෙදාගෙන තිබේ. ඔහුට අනුව ලාමාවරුන් අංජනම් බැලීම නම් පෞරාණික ශාස්ත්‍රයේ කෙළපැමිණිවුන් වේ.

" බැරින්ටන් හට ලාමාවරුන්ගෙන් දැනගන්නට ලැබුණු එක් තොරතුරකට අනුව  එක් ජ්‍යෙෂ්ඨ ලාමාතුමෙක් බලගතු අංජනමක් පිලිබඳව පැරණි පුස්ථකයකින් ලබාගෙන තිබෙන අතර ඉතා අපහසුවෙන්  අංජනම  බැලීම සඳහා අවශ්‍ය කළමණා සකස්කරගත් අතර ඔහුගේ ඉල්ලීමෙන් අංජනම බැලූ එක්  ලාබාල මොන්ගෝලියන් කන්‍යාවියක් මහා අරුම පුදුම විස්තරයක් කර තිබෙනවා.....
...........අහසින් යන අමුතු යානා මහා ගිණිජාලා නංවමින් පොළොව දෙදරවමින් ගල් (බෝම්බ?? ) බිම හෙළනවා.....මිනිසුන් පණපිටින් පිලිස්සී අළුවී යනවා......අති විශාල ගොඩනැගිලි සුණුවිසුණුවී යනවා......අතිවිශාල යුධ රථ සියගණන් හේවායින් පටවාගෙන වේගයෙන් ඒ මේ අත ගමන්කරනවා.........
වාර්තාවෙන අන්දමට මෙම අන්ජනම බලවා තිබෙන්නේ 1930 ගණන්වල වන අතර අදමෙන් රූපවාහිණී හා සිනමාහල් නොතිබුණු එවන් යුගයක ඇය මේ විස්තරය සිතින් මවාගෙන සිදුකලා යයි සැක කරන්නට පුලුවන්ද? අංජනමේ පෙනුනු සියලුම මිනිසුන් සටන් ඇඳුම් වැනි නිළඇඳුම් ඇඳසිටි බවද ඇය පවසා තිබෙනවා..  "
උපුටාගැනීම ; "මා නැති දවස - සිරිසේන මාඉටිපේ"


බලසම්පන්න විමානයක් පියාසර කරවූ ගුර්කා සිය යානයෙන් ප්‍රක්ශිප්තයක් මුදාහැරියේය (මිසයිලයක්?? රොකට්ටුවක්??). සකලවිශ්වයේ බලයෙන් කුළුගැන්වී තිබුණු එම ප්‍රක්ශිප්තය වැටුනු සැණින් සූර්යයන් දහසක් පෑවූවක් මෙන් දිලිසෙන ගිණි හා දුම් කදම්බයක් අහසට නැගී යෝධ ඡත්‍රයක් (කුඩයක්) මෙන් පැතිර යන්නට විය. යදමින් කළ අකුණු සැරක්වන් වූ එය එතෙක් මෙතෙක් කිසිවෙකුත් අත්දැක නොතිබූ භයංකර අවියකි. එය රිශිණින් හා අන්ධකයින් හට මරණයේ සංකේතයක්ම විය.

රිශිණි හා අන්ධක පුරවරයන් අළුධූලි බවට පත්වූ අතර මුළුමහත් ජනකායම පිළිස්සී මියගියේය. මළසිරුරු කොතරම් පිලිස්සී තිබුණාද යත් කිසිවෙකුත් හඳුනාගත නොහැකි විය. මේ මහා ගිණිජාලාවෙන් බේරෙන්නට සෙබළුන් ගංගා ඇළදොළවලට පැනගති. පිලිස්සීමෙන් මියනොගියවුන්ගේ හිසකෙස් හා නිය හැලෙන්නට වුනු අතර හෝරා කිහිපයකින් සියළු කෑමබීම විශ බවට පත්විය....

ද්‍රෝනාභිශේක පාර්ව: මහා භාරත වීර කාව්‍යය

මහා භාරතය විකිරණ විශවීම විස්තර කරයි.

හිසකෙස් හා නිය හැලෙන්නට ගැනීම, වමනය, දුර්වලවීම හා වේදනාත්මක මරණය, විකිරණ විශවීමේ (radiation poisoning) රෝග ලක්ශණයන්ය  - මහා භාරත රචකයා(න්) හෝ ඔවුනට මූලාශ්‍ර සැපයූවන් මේ රෝග ලක්ශණ දැක තිබුණේද? වෙනත් පෞරාණික ග්‍රන්ථවල ලියා තිබූ විස්තර උපුටා ගත්තේද? මෙවැනි බිහිසුනු යුද්ධ හා අවි ආයුධ පිලිබඳ විස්තර කටවචනයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආවේද?

රෝගයක් හෝ ව්‍යාධියක් දකින්නට හෝ විඳවන්නට පෙර එහි රෝගලක්ශණ ලියාතැබිය නොහැකිය - ඒ අනුව මහා භාරතයේ මේ විස්තරකොට ඇත්තේ ඈත අතීතයේ යම්කලෙක භාරතයේ  විසූ අයෙක් දෑසින් දුටු ව්‍යාධියක් විය යුතුය...‍

න්‍යශ්ඨික විකිරණවලට නිරාවරණය වූවෙක් කළයුත්තේ කුමක්ද?

මහාභාරතය, මෙයද පැහැදිලිව විස්තර කරයි. විකිරණවලට නිරාවරණය වූවෙක් ක්ශණයකින් සිදුකල යුත්තේ ජලයට පැන හැකිතාක් සේදී පිරිසිදු වී සමහි තැම්පත්වුනු විකරණ අඩංගු අළු-ධූලි අංශු සෝදා හැරීමයි - අද කාලයේද විකිරණවලට නිරාවරණයවූවන් හට ප්‍රථමයෙන් ලැබෙන්නේ සම්පීඩිත ජල කඳක් මගින් පූර්ණ සෝදාහැරීමකි.




ව්‍රිෂිණි හා අන්ධක පුරවරයන් විනාශකලේ මෙවැනි හයිඩ්‍රජන් බෝම්බයක්ද?

මහාභාරතයේ ද්‍රෝනාභිශේක පාර්වයේ විස්තර කෙරෙන්නේ මොහෙන්ජෝ-දාරෝ නගරය විනාශ කල න්‍යශ්ඨික ප්‍රහාරයද?


මොහෙන්ජෝ-දාරෝ නශ්ඨාවශේෂ වසර 12කටත් අධික කාළයක් පර්යේෂණයට බඳුන්කරන ලද බ්‍රිතාන්‍ය ජාතික පූරාවිද්‍යාඥයෙකු වන ඩේවිඩ් ඩෙවන්පෝර්ට් ප්‍රකාශ කරන අන්දමට මොහෙන්ජෝ-දාරෝ නගරය  විනාශවී ඇත්තේ න්‍යශ්ඨික ප්‍රහාරයකිනි. ඉහත රූපයේ පෙනෙන මිනිස් ඇට සැකිලි මොහෙන්ජෝ-දාරෝ නගරයේ වීථියකින් සොයාගෙන ඇති අතර මේ මිනිසුන් උන් උන් තැන වැටී මරුදැක තිබේ. මේ ඇටසැකිළි අතර එකම පවුලක මව, පියා හා දරුවෙකු ගේ ඇටසැකිළිද වේ. මුනින් අතට වැටී මියගිය සිටි ඔවුන් මිය යන මොහොතේ සිටියාක් මෙන් දෑත් අත් අල්ලාගෙන මියගොස් තිබිනි.

මෙවන් ක්ශණික මරණ ලඟාකරදිය හැකි තාක්ශණයක් මීට වසර 4000-5000කට පෙර තිබුණිද? එසේනම් කුමක්ද ඒ බිහිසුණු තාක්ශණය? එපමණක් නොව මෙම ඇටසැකිළිවල අඩංගු විකිරණ ප්‍රමාණ සාමාන්‍යයෙන් තිබිය යුතු ප්‍රමාණයට වඩා බොහෝසෙයින් වැඩිබවද සොයාගෙන ඇත.
" පිපුරුමේ අපිකේන්ද්‍රයේ සිට යාර 50ක වපරිසයේ ඇති සියල්ලම අධික උශ්ණත්වයකින් දැවීගොස් ඇති අතර වීදුරුමය ස්ඵටිකද දකින්නට ලැබේ. මේවා ස්වාභාවික නිමැවීමට ඇති හැකියාව අවමය....සෙන්ටිග්‍රේඩ් 1500ක් වැනි අධික උණුසුමකින් රත්වී එක්වරම සිසිල්වීම නිසා මෙය සිදුවූවායයි සිතිය හැකිය.....අවට ප්‍රදේශයේ ගොඩනැගිලි තනා ඇති ගඩොල් එක් පැත්තකින්, එනම් පිපුරුම වූවායයි සිතෙන ස්ථානයට මුහුණලා ඇති ස්ථාන උණුවීගොස් ඇති සෙයක් පෙනේ..."

"Atomic Destruction in 2000 B.C." David Davenport

රාම අධිරාජ්‍යය න්‍යශ්ඨික යුධයකින් විනාශවුනිද?

රාමායනයේ ලියැවී ඇති පරිද්දෙන්ම කපටිකමින් හා පාවාදීම් මගින් රාවණ පරදා ජයගන්නා රාම හා ඔහුගේ පාත්‍රවර්ගයා ගොඩනැගූ අධිරාජ්‍යය න්‍යශ්ඨික අවි මගින් විනාශවූ බවට මතයක් ඇත.


රාමගේ අනුගාමිකයින් හා පාත්‍රවර්ගයා ගොඩනැගූ නගර රාශියක් උතුරු ඉන්දියාව පුරාවට ඇති අතර උතුරු ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක මහා පිපිරුම් වලින් විනාශවීගිය නගර පිලිබඳ පුරාවෘත අසන්නට ලැබේ. එමෙන්ම දියුණුවේ හිණිපෙත්තේ තිබී එක්වරම විනාශවීගිය දැවැන්ත නගරවල නටබුන්ද සොයාගෙන ඇත.  මොහෙන්ජෝ දාරෝ හා හරප්පා එක් උදාහරණයක් පමණි.

නූතන රාජස්ථානයේ ජොධ්පූර් ප්‍රදේශයෙන්ද මෙවැනි වර්ග කිලෝමීටර් 3කට වඩා විශාල අධික විකිරණශීලී ප්‍රදේශයක් හමුවී තිබේ. මෑතකදී ජනාවාස තැනුනු මෙම ප්‍රදේශයේ පිළිකා හා විකල-උපත් ඉතා අධික වීම නිස එම ප්‍රදේශය පර්යේශණයට බඳුන්කල ඉන්දීය රජයේ පර්යේශකයින් මෙම ප්‍රදේශය අසාමාන්‍ය විකිරණශීලීත්වයකින් යුතුබව තහවුරුකරගෙන ඇති අතර දැන් එම පෙදෙස තහනම් කලාපයක් බවට ප්‍රකාශයට පත්කොට ඇත. මෙම ප්‍රදේශයේ වසර 8000-12,000 පමණ පැරණි නගරයක නටබුන් සොයාගෙන ඇති අතර පිපුරුමෙන් විනාශවන විට මිලියනයක පමණ ජනකායක් වාසයකරන්නට ඇති බවට සැක කෙරේ.

රාමගේ අධිරාජ්‍යය න්‍යශ්ඨික බෝම්බවලින් විනාශකලේ කුමන ශිශ්ඨාචාරයක් විසින්දැයි පැහැදිලි නැත.

එහෙත් සුර-අසුර යුධය ලෙස හැඳින්වෙන දැවැන්ත සංග්‍රාමයේදී සුරයන් හෙවත් උතුරු ඉන්දියානුවන් දකුණේ අසුරයින් අතින් දැවැන්ත පරාජයන් අත්විඳින්නට වූ බව පැවසේ. ස්කන්ධ පුරාණයේ දක්ව ඇති ආකාරයට අසුරයන් අතින් සුරයන් හට අත්විඳින්නට වූ දැවැන්ත පරාජය ආපසු හරවන්නට හැකිවූයේ රණශූර ස්කන්ධ කුමාරයාට පමණකි. එහෙත් කඳකුමරු සටනට තෙක් රාම අධිරාජ්‍යයේ නගර දා හළුකරන්නට තාක්ශණලෝව කෙලපැමිණ සිටි රාවණ පරපුරේ අසුරයන්හට හැකිවන්නට ඇත.

උතුර දකුණ යා කල රාවන ජල උමග උතුර දකුණ යා කල රාවන ජල උමග ‍

මේ වන විට රාවනා පිලිබද ගවේශනයේ සැලකිය යුතු කරුනු ප්‍රමනයක් දන්න වනේ. රමායනය කියන ඉන්දියනු පොතෙන් විනාශ කරන්නේ රවනා පමනක්  නොවේ රවනා ගේ අද්විතීය තාක්ශනය ඒ සමගම වැලලුනා . ඔය අතරින් ලන්කාවේ තිබුන උමන් මර්ග පද්දතිය තවමත් හරි හැටි හොයගෙන නෑ. 


තව කියවන්න.. (pdf.download)

Ravana Come Back